සංචාර සමායෝජක

මෙම පිටුව මත:

සමාලෝචනය

ඔබ අන් සංචාරකයන් වෙනුවෙන් පුනරුක්තව හමුවීම් වෙන්කරන සංචාර සමායෝජකයෙකු වේ නම්, ඔබට අපගේ විද්‍යුත් මාර්ගගත පද්ධතිය තුළ සංචාර සමායෝජක පැතිකඩක් නිර්මාණය කිරීමට හැකිය. එක් එක් අයදුම්කරු වෙනුවෙන් අළුත් පැතිකඩ නිර්මාණය කිරීම වෙනුවට මෙම විශේෂාංගය ඔබගේ පැතිකඩ යටතේ ඔබගේ සියලුම සේවාදායකයන් කළමනාකරණය කිරීමට සහ ලුහුබැඳුම් කිරීමට ඉඩ ලබා දෙයි. මෙම මධ්‍යම පිහිටුමේ සිට එක් තිරයකදී බහුවිධ සේවාදායක හමුවීම් උපලේඛනගත කිරීම, නැවත උපලේඛනගත කිරීම, අවලංගු කිරීම, හෝ තහවුරු කිරීම කළ හැකිය. මෙයින් ඔබගේ සේවාදායකයන්ගේ බහුවිධ පැතිකඩ නාම, මුරපද සහ බාහිර ලුහුබැඳුම පිළිබඳ අවශ්‍යතාව ඉවත් කරයි. මෙම විශේෂාංගය කණ්ඩායම් හමුවීම හෝ “දේශීය වීසා බලපත්‍ර වැඩ සටහන්“ යටතේ ලැයිස්තුගත අනෙකුත් වැඩසටහන් ප්‍රතිස්ථාපනය කිරීමට අදහස් නොකරයි.

එක්ව සංචාරයේ නිරත වන අයදුම්කරුවන් බොහෝ දෙනෙක් වෙනුවෙන් විශාල පරිමාණයේ ගෙවීමක් කිරීමට ඔබට අවශ්‍ය නම්, මෙහි ක්ලික් කරන්න.

මතක තබා ගැනීමට දේවල් කිහිපයක්:

  • අයදුම්කරුවෙකු කඩිනම් හෝ හදිසි හමුවීමක් අයදුම් කරන්නේ නම්, සංචාර සමායෝජක පැතිකඩ මාර්ගයෙන් උපලේඛනගත නොකරන්න. අයදුම්කරු විසින් නිත්‍ය ක්‍රියාවලිය මාර්ගයෙන් තනි පුද්ගලයෙකු ලෙසින් සම්මුඛ පරීක්ෂණයක් උපලේඛනගත කරවා ගැනීම කළ යුතුය.
  • ඔබ විසින් එක් සැසියකදී අයදුම්කරුවන් බොහෝ ගණනක් උපලේඛනගත කිරීම කරන්නේ නම්, මුළු කණ්ඩායමම එකම දිනයකදී සම්මුඛ පරීක්ෂණයට භාජනය කෙරෙනු ඇත. අයදුම්කරුවන් එක්ව සංචාරය නොකරන්නේ නම්, ඔවුන් වෙනස් උපලේඛණගත කිරීමේ සැසිවලදී උපලේඛනගත කිරීම කළ යුතුය, එවිට ඔවුන් වෙන් වෙන් සම්මූඛ පරීක්ෂණ දින අයත් කර ගන්නවා ඇත.
  • කණ්ඩායම් ඉල්ලීම් සංචාර සමායෝජකයන්ට ලද නොහැකිය. කණ්ඩායම් ඉල්ලීම් සාමාන්‍ය පැතිකඩ වෙතින් කළ යුතුය. තවදුරටත් විස්තර සඳහා කණ්ඩායම් හමුවීම් උපදෙස් බලන්න.

සංචාර සමායෝජක පැතිකඩ ප්‍රවේශය ගැනීමට සහ බහු හමුවීම් කළමනාකරණය කිරීමට උපදෙස්

1 වන පියවර

අපගේ විද්‍යුත් මාර්ගගත අයදුම්කරු පද්ධතියට ඇතුල් වන්න, පැතිකඩක් නිර්මාණය කරන්න. ඔබට දැනටමත් පැතිකඩක් ඇත්නම්, 2 වන පියවර මග හැර යන්න.

2 වන පියවර

ඔබගේ UID අංකය විෂයය ශීර්ෂය තීරුවේ සඳහන් කරමින් travel-coordinator@ustraveldocs.com වෙත ඊමේල් පණිවුඩයක් යවන්න. මෙය ඔබට සංචාර සමායෝජකයෙකු ලෙස අයදුම්කරුවන්ගේ උපලේඛනගත කිරීම් සඳහා ඔබට ප්‍රවේශය ලබා දෙයි. ඔබගේ UID අංකය තිරයේ දකුණත පැත්තේ ඔබගේ පරිශීලක නාමයට එහායින් සොයාගත හැකිය. ඔබ විසින් මෙම ඊමේල් පණිවුඩයේ දේහයේ යම් පාඨයක් අඩංගු කිරීම අවශ්‍ය නොවේ.

ඔබගේ පැතිකඩ වෙතට ඇතුල් වීමෙන් පසුව ඔබගේ UID අංකය සොයා ගත හැකි ස්ථානය පහත තිරදසුනේ දැක්වේ:

3 වන පියවර

ඔබගේ ඊමේල් එක සැකසුම් කරන තුරු මිනිත්තු 5 ක් පොරොත්තුවෙන් පසුවන්න, අනතුරුව වම් අත පැත්තේ ඉහළ දිස්වන මුල් පිටුව සබැඳිය ක්ලික් කරන්න. ඔබගේ පාලන පුවරුව සහ මෙනු අයිතම වෙනස් වී ඇති අයුරු ඔබ දකිනු ඇත. වම් පස මෙනුවේ හමුවීම් සෙවුම් කරන්න සහ හමුවීම් ඉතිහාසය විකල්ප ඇතුලත් වනු ඇත.

4 වන පියවර

ඔබ හමුවීමක් උපලේඛනගත කිරීමට සූදානමින් පසුවන්නේ නම්, හමුවීම උපලේඛනගත කරන්න මත ක්ලික් කරන්න. ඔබ වීසා බලපත්‍ර වර්ගය, ස්ථානය, වීසා බලපත්‍ර කාණ්ඩය, වීසා බලපත්‍ර පන්තිය, සහ අයදුම්කරු තොරතුරු සඳහා තොරතුරු සම්පූර්ණ කරන්නට යන්නෙහිය. ඉක්බිතිව ඔබගේ සේවාදායකයාගේ වීසා බලපත්‍ර සම්මුඛ පරීක්ෂණය සඳහා විශේෂිත දිනයක් එකතු කර ගැනීමට සහ තහවුරුකරණ විස්තර සැපයීමට පද්ධතියෙන් එන ප්‍රේරණයක් ඔබට ලැබෙනු ඇත.

5 වන පියවර

ඔබට ඔබගේ පැතිකඩ කරා අනෙකුත් සේවාදායකයන් එක් කිරීම සහ තවත් හමුවීම් උපලේඛනගත කිරීම අඛණ්ඩව කරගෙන යා හැකිය. ඔබට ඔබ කළින් උපලේඛනගත කළ හමුවීම් බැලීමට අවශ්‍ය කර ඇත්නම්, ඔබට හමුවීම් සෙවුම් කරන්න මත ක්ලික් කිරීමට හෝ හමුවීම් ඉතිහාසය බැලීමට හැකිය.

හමුවීම් ඉතිහාසය ඔබට ඔබගේ හමුවීම් සියල්ල බැලීමට ඉඩ ලබාදෙයි. ඔබ කොළ පැහැති ධන ලකුණ මත ක්ලික් කරන්නේ නම්, හමුවීම් දිනය, වීසා බලපත්‍ර කාණ්ඩය, අයදුම්කරුගේ ඊමේල් ලිපිනය සහ UID අංකය වැනි ඔබගේ සේවාදායකයාගේ තොරතුරුවල ක්ෂණික සේයාරුවක් බලා ගත හැකිය. එමෙන්ම ඔබට ඔබගේ සේවාදායක ලැයිස්තුව හමුවීම් දිනය, වීසා බලපත්‍ර වර්ගය, හෝ තත්ත්වය අනුව සංවිධානය කිරීමට හැකිය.

සටහන: පද්ධතිය තුළ ගබඩා කර ඇති උපරිම හමුවීම් වාර්තා ගණන සම්බන්ධයෙන් හමුවීම් ඉතිහාසය විකල්පයේ සීමාවන් පවතින බව කරුණාකර සටහන් කරගන්න. එමනිසා, එතුළ වන තොරතුරු ඔබගේම දත්ත පදනම් වාර්තාවන්ට පරිශීලන ලක්ෂ්‍යයක් ලෙස භාවිත නොකළ යුතුය.

හමුවීම් සෙවුම් කරන්න ඔබගේ සේවාදායකයා වෙනුවෙන් ක්‍රියාවක් සාධනය කිරීමට ඔබට ඉඩ ලබා දෙයි. පහත තිරදසුනේ දක්නට හැකි ආකාරයට, ඔබට ඔබගේ සේවාදායකයා සම්බන්ධයෙන් තහවුරුකරණ ලිපියට ප්‍රවේශ වීමට, නැවත උපලේඛනගත කිරීමට, ලේඛන බෙදාහැරීමේ තොරතුරු යාවත්කාල කිරීමට, හෝ සම්මුඛ පරීක්ෂණය අවලංගු කිරීමට හැකිය.

වැඩිමනත් තොරතුරු

සටහන: ඔබ ඔබගේ පෞද්ගලික ප්‍රවේශය සංචාර සමායෝජක පැතිකඩක් කරා වෙනස් කරන්නේ නම්, ඔබ ඔබ වෙනුවෙන් හමුවීමක් උපලේඛනගත කිරීමට නොහැකි වේ. ඔබගේම හමුවීම උපලේඛනගත කිරීමට, ඔබගේ UID අංකය විෂයය ශීර්ෂ තීරුවේ සඳහන් කරමින් තවත් ඊමේල් එකක් travel-coordinator@ustraveldocs.com කරා යවන්න. මෙය ඔබගේ සංචාර සමායෝජක පැතිකඩ අබල කර දමනු ඇත. ඔබ ඔබගේ හමුවීම උපලේඛනගත කරන විටදී, ඔබ යැපෙන්නන්ගේ තිරය මත කළින් උපලේඛනගත කර ඇති හමුවීම් සියල්ල ඉවත් කිරීමට අවශ්‍ය වනු ඇත. ඔබ ඔබගේ හමුවීම් උපලේඛනගත කළායින් පසුව, ඊමේල් එක නැවත යවන්න, එවිට ඔබගේ ප්‍රවේශය යළිත් පිහිටුවීම කෙරෙනු ඇත.