රාජ්‍ය තාන්ත්‍රික සහ රාජ්‍ය නිලධාරීන්

මෙම පිටුව මත:

සමාලෝචනය

එක්සත් ජනපදය කරා වන නිල සංචාර සඳහා G-1 සිට G-4 දක්වා වන වීසා බලපත්‍ර රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නිලධාරීන්ට නිකුත් කරනු ලැබිය හැකිය. සාමාන්‍යයෙන්, රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට අවශ්‍ය කරන වීසා බලපත්‍ර වර්ගය ඔවුන්ගේ එක්සත් ජනපද සංචාරයේ අරමුණ මත යැපේ. එක්සත් ජනපද සංක්‍රමණ නීතිය අනුව A, G හෝ NATO වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන් විසින් සපුරාලිය යුතු ඉතා විශේෂ ආවශ්‍යකතා පවතී.

ශ්‍රී ලාංකික හා මාලදිවයින් ජාතිකයින් සඳහා A-1, A-2, සහ G-1 සිට G-4 දක්වා වන වීසා බලපත්‍ර අයදුම් පත්‍ර අයදුම්කරු හෝ අයදුම්කරුගේ නියෝජිතයා විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත ඉදිරිපත් කළ යුතුය. A-1 සහ A-2 වීසා බලපත්‍ර සඳහා කුන්වන රටක ජාතිකයන් ගේ වීසා බලපත්‍ර අයදුම්පත්‍ර අයදුම්කරු හෝ අයදුම්කරුගේ නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබිය හැකිය. සියලුම A-1, A-2, සහ G1 සිට G-4 වීසා බලපත්‍ර අයදුම්පත්‍ර සමග රාජ්‍ය තාන්ත්‍රික සටහනක් විය යුතුය.

සමානාකාරයෙන්ම, G-1 සිට G-4 දක්වා වීසා ලපත්‍ර සඳහා වන අයදුම්පත්‍ර අයදුම්කරු හෝ අයදුම්කරුගේ නියෝජිතයා විසින් ඍජුවම එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකිය. සියලුම G-1 සිට G-4 වීසා බලපත්‍ර අයදුම්පත්‍ර රාජ්‍ය තාන්ත්‍රික සටහනක් සමගින් යුක්ත විය යුතු අතර අන්තර්ජාතික සංවිධාන සම්බන්ධයෙන් වන කළ G වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට ඉල්ලුම් කරමින් නිල ලිපියක් සමගින් යුක්ත විය යුතුය. මෙම අඩවිය හරහා MRV වීසා බලපත්‍ර අයදුම්පත්‍ර ගාස්තුවක් නොගෙවන්න, එය ආපසු ගෙවීමට යටත් නොවන බැවිනි.

වැඩිමනත් තොරතුරු

වැඩිමනත් තොරතුරු සඳහා, කරුණාකර මෙම වෙබ් පිටුව කරා පිවිසෙන්න, නැතිනම් වීසා බලපත්‍ර නිකුතු සඳහා වග කියන ඔබගේ රජයේ හෝ නියෝජිතායතනයේ පරිපාලන කාර්යාලයේ උපදෙස් ලබා ගන්න.

රාජ්‍ය තාන්ත්‍රික සහ රාජ්‍ය නිලධාරී වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලැබීම පිළිබඳ අතිරේක තොරතුරු සඳහා සහ A වීසා බලපත්‍ර සහ G වීසා බලපත්‍ර පිළිබඳ වඩාත් විශේෂිත තොරතුරු සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය කරා පිවිසීමට ඔබට හැකිය.