වීසා බලපත්‍ර වර්ග

මෙම පිටුව මත:


සමාලෝචනය

සාමාන්‍යයෙන්, එක්සත් ජනපදයට ඇතුල් වීමට බලාපොරොත්තුවක් ඇති විදේශ රටක පුරවැසියෙකු, එක්කෝ තාවකාලික පදිංචියක් සඳහා සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් නැත්නම් ස්ථිර පදිංචිය සඳහා සංක්‍රමණ වීසා බලපත්‍රයක් ලබා ගත යුතු වේ. සුදුසුකම් ලත් රටවල පුරවැසියන්ට වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ වීසා බලපත්‍රයක් රහිතව එක්සත් ජනපදයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත. වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ එක්සත් ජනපදයට පැමිණෙන සියලුම සංචාරකයන් එක්සත් ජනපද සංචාරය ඇරඹීමට පෙරාතුව සංචාර අවසර ප්‍රදාන විද්‍යුත් පද්ධතිය ((ESTA) system) මාර්ගයෙන් අවසරයක් ලබා ගැනීම යුතු වේ.

ඔබ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන සඳහා සුදුසුකම් ලබා නැති නම් හෝ අධ්‍යාපනය, රැකියාව, හුවමාරු වැඩ සටහනකින් හෝ සංචාරයේ අරමුණ B-වීසා බලපත්‍රයක් යටතට නොවැටෙන වෙනත් කවර හෝ අරමුණක් වෙනුවෙන් සංචාරය කරන්නේ නම්, ඔබට සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් අවශ්‍ය වනු ඇත.

වීසා බලපත්‍රයක් එක්සත් ජනපදයට ඇතුල් වීමට ඇපවීමක් නොසපයයි. වීසා බලපත්‍රයකින් සරලව දක්වන්නේ එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරියෙකු විශේෂිත අරමුණක් වෙනුවෙන් එක්සත් ජනපදයට ඇතුල් වීම සඳහා අයදුම් කිරීමට ඔබ සුදුසුකම් ලබා සිටින බවට තීරණය කර ඇති බවයි.

සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර

සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සංචාරකයන්, ව්‍යාපාරික පුද්ගලයන්, ශිෂ්‍යයන්, හෝ විශේෂිත අරමුණක් සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදය තුළ යම් කාල පරිච්ඡේදයක් සඳහා නැවතීමට අපේක්ෂා කරන විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත සේවකයන් විසින් භාවිත කරනු ලබයි. එක්සත් ජනපද වීසා බලපත්‍ර නීති සහ රෙගුලාසි වලට අනුව, බොහෝ සංක්‍රමණ නොවන වීසා බලපත්‍රය අයදුම්කරුවන් විසින් තමන් සතුව නේවාසික රට කෙරෙහි ශක්තිමත් බැඳීම් පවතින බව කොන්සියුලර් නිලධාරියාට පැහැදිලි කර සිටිය යුතු වන අතර ඔවුන්ගේ තාවකාලික පදිංචියෙන් පසුව එක්සත් ජනපදයෙන් පිටවීමට අදහස් කරන බව පෙන්වා සිටි යුතු ද වේ.