සම්මුඛ පරීක්ෂණ අත්හැරීම හා වීසා බලපත්‍රය අලුත් කිරීම

 මෙම පිටුවේ:

සමාලෝචනය

පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයකින් තොරව සම්මුඛ පරීක්ෂණ අත් හැරීමේ/ සංත්‍යජනය(ඩ්‍රොප්බොක්ස්) යටතේ ඔවුන්ගේ වීසා අලුත් කිරීමට ඉඩ ලබා දේ. මෙම ක්‍රියාවලිය පළමු වර අයදුම්කරුවන් සඳහා නොවේ. මෙය තම වීසා බලපත්‍ර අලුත් කරන ඇතැම් අයදුම්කරුවන් සඳහා හෝ යම් වයස්වලට අඩු/ඉහළ අය සඳහා ඇතැම් සීමාවන් අදාළ විය හැකිය.

ආගන්තුක (B1/B2) වීසා බලපත්‍ර අලුත් කරන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ අත් හැරීමේ සුදුසුකම් ලැබිය හැකිය. සුදුසුකම් ලැබුවන් කොන්සියුලර් අංශයේ පුද්ගලිකව පෙනී සිටීමට අවශ්‍ය නොවන නමුත් තවමත් වීසා අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීම සහ අදාළ වීසා බලපත්‍ර ගාස්තු ගෙවීම අවශ්‍ය වේ. සම්මුඛ පරීක්ෂණ අත් හැරීමේ පටිපාටිය. භාවිතා කිරීම වීසා නිකුත් කිරීම සහතික නොකරයි. අයදුම්පත්‍ර ලේඛන සමාලෝචනය කිරීමෙන් පසුව, අයදුම්කරුවෙක්ට සම්මුඛ පරීක්ෂණයකට පුද්ගලිකව පෙනී සිටින ලෙස ඉල්ලීමට කොළඹ තානපති කාර්යාලයට අයිතිය ඇත. වීසා බලපත්‍ර සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඇති හැකියාවට ඉඩ සලසමින් අයදුම්කරුවන් ඔවුන්ගේ ලියකියවිලි සැළසුම් කර ඇති සංචාරයන්ට පෙරාතුව ඉදිරිපත් කළ යුතුය.

සම්මුඛ පරීක්ෂණ අත් හැරීමේ සඳහා සුදුසුකම් නොලැබූ අය සාමාන්‍ය වීසා ක්‍රියවලිය යටතේ සම්මුඛ පරීක්ෂණයක් උපලේඛනගත කිරීමට උපදෙස් අනුගමනය කළ යුතුය.

අමතරව, ඇතැම් රජයන් තම පුරවැසියන්ට කල් ඉකුත් වූ ගමන් බලපත්‍රයේ වලංගු වීසා බලපත්‍රයක් සහිතව ගමන් කිරීමට ඉඩ ලබා දේ, සංචාරකයාට නව වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ද තිබේ නම්. ඔබගේ රජය වලංගු වීසා බලපත්‍රයක් සහ කල් ඉකුත් වූ සහ වලංගු ගමන් බලපත්‍රයක සංකලනයක් සමඟින් ගමන් කිරීමට ඉඩ ලබා දෙයි නම්, එක්සත් ජනපද රජය විසින් වලංගු වීසා බලපත්‍රයක් දරණ ඔබගේ කල් ඉකුත් වූ ගමන් බලපත්‍රය සහ ඔබගේ නව වලංගු ගමන් බලපත්‍රයත් සමඟ එක්සත් ජනපදයට ඇතුලු වීමට ඉඩ ලබ දේ.

සුදුසුකම්

ඔබ B1 / B2 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම්, ඔබගේ වීසා අයදුම්පත සමග තහවුරු කරන ලිපියේ ලැයිස්තුගත කර ඇති පරිදි උපයෝගී ලේඛන සහ ගමන් බලපත්‍රය කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරියේ ඇති පරීක්ෂණ කාමරය වෙත, ඕනෑම රාජකාරී දිනයක පෙරවරු 10: 00 සිට දහවල් 2.00 දක්වා (නිවාඩු දින හැර සඳුදා සිට සිකුරාදා දක්වා) භාර දීමට ඔබට හැකියාව ඇත, සහ ඔබ සියලු සුදුසුකම් සපුරා ඇත්නම් කොන්සියුලර් සම්මුඛ පරීක්ෂණයකින් තොරව ඉදිරි කටයුතු ක්‍රියාත්මක වනු ඇත.

සම්මුඛ පරීක්ෂණ අත් හැරීමේ පිරික්සුම් ලැයිස්තුව

පහත ලැයිස්තුගත සියලු සුදුසුකම් සපුරාගත් අයදුම්කරුවන් හට සම්මුඛ පරීක්ෂණ අත් හැරීමේ වැඩසටහන යොදා ගනිමින් තම වීසා බලපත්‍ර අලුත් කරගත හැක.

  • අයදුම්කරු ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයින් පුරවැසියකු විය යුතු හෝ අවම වශයෙන් පසුගිය වසර 2 තුලදී එහි පදිංචි වී තිබිය යුතුය;
  • අයදුම්කරු මීට පෙර එක්සත් ජනපද තානාපති කාර්යාලයක / කොන්සල් කාර්යාලයක ඇඟිලි සලකුණු දහයක් ලබා දී තිබිය යුතුය;
  • පෙර එක්සත් ජනපද වීසා බලපත්‍රය දැනට වලංගු හෝ කල් ඉකුත් වූ කාලය මාස 48 කට වඩා අඩු විය යුතුය;
  • පෙර එක්සත් ජනපද වීසා බලපත්‍රය බහු-ඇතුල්වීම් සහ සම්පූර්ණ වලංගුභාවය (ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා වසර 5; මාලදිවයින් පුරවැසියන් සඳහා වසර 10) විය යුතුය;
  • අයදුම්කරු නිශ්චිතවම සමාන වර්ගයේ වීසා බලපත්‍රයක් සදහා ඉල්ලුම් කල යුතුය.(B1/B2);
  • අයදුම්කරුගේ පසුගිය වීසා නිකුත් කිරීම කිසිදු ආකාරයක ප්‍රතික්ෂේප, අහිමි,අවලංගු හෝ සොරකම් වී නොවී තිබිය යුතුය;
  • වත්මන් DS-160 යෙදුමේ සියලුම ජීව දත්ත පෙර DS-160 යෙදුමට සමාන විය යුතුය;
  • එක්සත් ජනපදය තුල අයදුම්කරු සියලු එක්සත් ජනපද ආගමන නීති රෙගුලාසි පිලිපැද සිටිය යුතුය.

සම්මුඛ පරීක්ෂණ අත්හැරීමේ වයස් කාණ්ඩය

අදාළ වන පරිදි ඉහත ලැයිස්තුගත කර ඇති අනෙකුත් සියලුම පොදු නිර්ණායක සපුරාලිය යුතුය;

වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා සුදුසුකම් නිර්ණායක:

  • මම මගේ 14 වැනි උපන්දිනයට පෙර අයදුම් කරමි;
  • මගේ වඩාත්ම මෑත වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කර නැත;
  • මගේ දෙමාපියන් දෙදෙනාම වලංගු B1/B2 වීසා බලපත්‍රයක් ඇති අතර මම එකම වීසා පන්තිය සඳහා අයදුම් කරමි.

වයස අවුරුදු 80 සහ ඊට වැඩි අයදුම්කරුවන් සඳහා සුදුසුකම් නිර්ණායක:

  • මම මගේ 80 වැනි උපන්දිනය දින හෝ ඊට පසුව අයදුම් කරමි;
  • මගේ වඩාත්ම මෑත වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කර නැත.

අයදුම් කල යුතු ආකාරය

පියවර 1

සංක්‍රමණ නොවන වීසා අයදුම්කරුවන් සඳහා:

ඔබගේ වීසා වර්ගය පොදු සංක්‍රමණ නොවන වීසා කියවීම මගින් තීරණය කරන්න.එක් එක් වීසා වර්ගය සුදුසුකම් හා අයදුම් අයිතම පැහැදිලි කරයි.ඔබේ තත්වයට බලපාන වීසා වර්ගය තෝරා ගන්න.

පියවර 2

DS-160 ආකෘති පත්‍රය  සම්පූර්ණ කරන්න. ප්‍රවේශමෙන් DS-160 ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීම සදහා වන මාර්ගෝපදේශ කියවීමට වග බලා ගන්න.සියලුම තොරතුරු සත්‍ය හා නිවැරදි විය යුතුය.ආකෘති පත්‍රය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔබට කිසිදු වෙනස්කමක් සිදු කිරීමට නොහැක.ඔබට සහය අවශ්‍ය නම් කරුණාකර සංක්‍රමණ නීතීඥයකුගේ හෝ පරිවර්තකයකුගෙ උපදෙස් ලබා ගන්න.ඔබගේ DS-160 ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීමට පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයට සහය විය නොහැක.ඔබගේ හමුවීම සකස් කර තහවුරු කර ගැනීමට DS-160 අංකය ඔබට අවශ්‍ය වනු ඇත.

පියවර 3

ඔබ නිවැරදි වීසා වර්ගය තීරණය කල පසු සහ DS-160 සම්පූර්ණ කල පසු,ඔබ විසින් වීසා ගාස්තු ගෙවිය යුතුය.වීසා ගාස්තු පිටුව වීසා වර්ග,එක්සත් ජනපද ඩොලර් වීසා ගාස්තු සහ දේශීය මුදල් ලයිස්තුගත කර ඇත.ඔබගේ වීසා ගාස්තු ගෙවීම සදහා,බැංකු හා ගෙවීම් හා විකල්ප පිටුව කියවන්න.මෙම පිටුව ඔබගේ වීසා ගාස්තු ගෙවීම් කරන ආකාරය විස්තර කරයි.ඔබ ඔබගේ පැතිකඩ නිර්මාණය කර,ඔබගේ ලදුපත් අංකය තබා ගත යුතුයි.

පියවර 4

ඔබගේ DS-160 සම්පූර්ණ කිරීමෙන් සහ වීසා ගාස්තු ගෙවීමෙන් පසු, සියලුම අයදුම්කරුවන් පද්ධතියට නැවත යොමු වනු ඇත. සම්මුඛ පරීක්ෂණ අත්හැරීම සඳහා ඔවුන්ගේ සුදුසුකම් තහවුරු කිරීම සඳහා අයදුම්කරුවන්ගෙන් ප්‍රශ්න මාලාවක් අසනු ඇත. සුදුසුකම් ලබා ඇත්නම්, ඔබව සම්මුඛ පරීක්ෂණ අත්හැරීම තහවුරු කිරීමේ පිටුවකට සහ සම්මුඛ පරීක්ෂණ අත්හැරීම දිගටම කරගෙන යාම සඳහා උපදෙස් වෙත යොමු කරනු ලැබේ. ඔබ සුදුසුකම් නොලබන්නේ නම්, ඔබගේ පුද්ගල වීසා සම්මුඛ පරීක්ෂණ හමුවීම කාලසටහන්ගත කිරීම සඳහා උපදෙස් වෙත ඔබව යොමු කරනු ඇත.

පියවර 5

ඔබ සම්මුඛ පරීක්ෂණ අත්හැරීම සඳහා අවශ්‍යතා සපුරාලන්නේ නම්, මුද්‍රා තැබූ ලියුම් කවරයක පහත ලිපි ලේඛන පමණක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත. කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පරීක්ෂණ කාමරය වෙත ලියුම් කවරයේ ඔබේ නම සඳහන් කොට ‘අවධානය: කොන්සියුලර් අංශය; සම්මුඛ පරීක්ෂණ අත්හැරීම’ ලෙස සටහන් කොට ඕනෑම ව්‍යාපාරික දිනයක (නිවාඩු දින හැර, සඳුදා සිට සිකුරාදා දක්වා) පෙ.ව. 10:00 සිට පස්වරු 2:00 දක්වා භාර දිය හැක.

  • එක්සත් ජනපදය තුල ඔබ නැවතීමට අදහස් කරන කාලයට ඔබ්බෙන් අවම වශයෙන් මාස 6ක වලංගු කාලයක් සහිත ඔබගේ වලංගු විදේශ ගමන් බලපත්‍රය;
  • ඔබේ වත්මන් විදේශ ගමන් බලපත්‍රය මෙන්ම ඔබගේ පෙර එ.ජ. වීසා බලපත්‍රය ද ඇති පෙර ගමන් බලපත්‍රය;
  • DS-160 සංක්රමණ නොවන වීසා අයදුම් තහවුරු පිටුව;
  • වීසා අයදුම්පත් ගාස්තු සදහා DFCC බැංකුවෙන් ලබගත් ලදුපතේ මුල්පිටපත (කහ රිසිට්පත);
  •  පසුගිය මාස 6 ඇතුලත ලබාගත්සුදු පසුබිම සහිත අගල් 2*2 ප්‍රමාණයේ ඡායාරූපයක් (මෙම වෙබ් අඩවිය  www.ustraveldocs.com/lk මත සඳහන් පිරිවිතරයන්ට අනුව);
  • http://www.ustraveldocs.com/lk_is වෙබ් අඩවියෙන් ලබගත් ඔබගේ මුද්‍රිත සම්මුඛ පරීක්ෂණ අත් හැරීමේ තහවුරු ලිපිය;
  • මාලදිවයින් අයදුම්කරුවන් පමණක්: ඉහත සියලුම ලියකියවිලි සුදුසු පරිදි, මෙන්ම වීසා ගාස්තු සඳහා බැංකු කෙටුම්පතක්;
  • වයස අවුරුදු 14ට අඩු දරුවන් දෙමාපියන් දෙදෙනාගේම එක්සත් ජනපද වීසාවල පිටපත් මෙන්ම දරුවාගේ මුල් උප්පැන්න සහතිකය සහ ඉංග්‍රීසි පරිවර්තනය ඉදිරිපත් කළ යුතුය.

මාලදිවයින් අයදුම්කරුවන්: කරුණාකර සියලුම ලියකියවිලි විශාල මුද්‍රා තැබූ ලියුම් කවරයක බහා ඔබේ නම හා අවධානය:: කොන්සියුලර් අංශය; සම්මුඛ පරීක්ෂණ අත්හැරීම” ලෙස සඳහන් කොට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට භාර දීම පිණිස මාලේ හි පිහිටි මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දෙන්න.

අත්‍යවශ්‍ය ලිපිලේඛන නොමැතිව/දෝෂ සහිතව භාරදෙනු ලබන අයදුම්පත්‍රවල කාර්යාවලිය ප්‍රමාද විය හැක. ඔබේ කටයුත්ත සදහා අමතර තොරතුරු අවශ්‍ය වුවහොත් හෝ ඔබ සම්මුඛ පරීක්ෂණයක් සදහා සහභාගී වීම අවශ්‍ය වුවහොත් ඔබට දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.

පියවර 6

ලේඛන ආපසු ලබා ගැනීම: වීසා බලපත්‍රය නිකුත් කළ විට ලේඛන සහ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබා දෙනු ලැබේ. වීසා සැකසීමට සති කිහිපයක් ගත විය හැක. ලේඛන ආපසු ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලයට පැමිණීමට හෝ සම්බන්ධ වීමට පෙර කරුණාකර පහත සඳහන් සබැඳියෙන් ඔබගේ වීසා අයදුම්පත්‍රයේ තත්ත්වය පරීක්ෂා කරන්න.

ඔබට ඔබගේ අයදුම්පත් තත්වය https://ceac.state.gov/ceacstattracker/status.aspx  වෙතින් පරීක්ෂා කළ හැකි අතර වීසා බලපත්රය ලබා ගැනීමට සූදානම් වූ විට තත්වය ‘Issued’ ලෙස සදහන් වනු ඇත.

ලිපිලේඛන නැවත ලබාගැනීමේ වේලාවන් සඳුදා - බ්‍රහස්පතින්දා සවස 3:30 සහ සිකුරාදා උදේ 10:00 වේ. (නිවාඩු දින හැර)

මාලදිවයින් අයදුම්කරුවන්: කරුණාකර ඔබේ ලේඛන මාලදිවයිනේ පිහිටි මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබා ගන්න.