ඡායාරූප සහ ඇඟිලි සලකුණු
මෙම පිටුව මත:
- සමාලෝචනය
- ඩිජිටල් ඡායාරූප ආවශ්‍යකතා
- සාර්ථක ඡායාරූපයක් සඳහා පියවර 7 ක්
- ඇඟිලි සලකුණු තැබීම
- වැඩිමනත් තොරතුරු
සමාලෝචනය
සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී, DS-160 ආකෘතිය සම්පූර්ණ කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ කොටසක් වශයෙන් පසුගිය මාස හය ඇතුලත ගන්නා ලද ඩිජිටල් ඡායාරූපයක් නගුගත කිරීම ඔබෙන් අවශ්‍ය කෙරේ. ඔබ සම්මුඛ පරීක්ෂණ දිනයේදී එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය වෙත ඔබගේ ඡායාරූපයේ පිටපතක් රැගෙන ආ යුතුය. එමෙන්ම එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ දී ඔබගේ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබ පැමිණෙන අවස්ථාවේ ඔබේ ඇඟිලි සලකුණු ලබා ගනු ඇත.
ඩිජිටල් ඡායාරූප ආවශ්‍යකතා
ඔබගේ වීසා බලපත්‍ර ඡායාරූපය තරම සහ අන්තර්ගතය සම්බන්ධයෙන් නිශ්චිත උපමානයන් සපුරාලිය යුතුය. මෙම උපමානයන් සපුරනු නොලබන ඡායාරූප ඉදිරිපත් කිරීම වීසා බලපත්‍ර අයදුම්පත්‍ර ක්‍රියාවලිය ප්‍රමාද කරනු විය හැකිය. ඔබගේ DS-160 ආකෘතිය සමග නගුගත කෙරෙන ඩිජිටල් ඡායාරූප පසුගිය මාස හය ඇතුලත ගත් ඒවා විය යුතු අතර පහත රූපයේ දැක්වෙන මෙහෙයුම් නිර්ණායක සපුරා ලිය යුතුවේ:
වීසා අයදුම් කිරීමේ පද්ධතිය අදාල ඩිජිටල් ඡායාරූපය උඩුගත කිරීම පිළිගත්ත ද, ඔබගේ ඡායාරූප අවශ්‍යතා සපුරන්නේ නැත්නම්, ඔබගේ වීසා බලපත්‍රය සැකසීමට පෙර නව ඡායාරූපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත.
සිරස තරම
ඔබගේ හිසේ උස, හිසකේ ද ඇතුළුව ඔබේ හිස් මුදුනේ සිට මිනුම් ගත කළ විට, ඔබේ නිකටේ පතුල දක්වා, ඔබගේ ඡායාරූපයේ මුළු උසින් 50% ක් හා 70% ක් අතර ප්‍රමාණයකින් විය යුතුය. ඔබගේ ඇස්වල උස, ඡායාරූපයේ පතුලේ සිට ඔබේ ඇස් මට්ටම දක්වා මිනුම් ගත කළ විට, 55% ක් සහ 70% ක් අතර ප්‍රමාණයකින් විය යුතුය - හෝ දල වශයෙන් ඔබගේ ඡායාරූපයේ උසින් 2/3 ක් විය යුතුය.
2016 නොවැම්බර් 1, දින සිට වීසා ඡායාරූප සඳහා ඇස් කණ්නාඩි භාවිතයට තවදුරටත් අවසර නොලැබෙනු ඇත. ඡායාරූප අවශ්‍යතා පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර පිවිසෙන්න: https://travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/photos.html
ඡායාරූප මාන
ඔබගේ ඡායාරූපය සමචතුරශ්‍රාකාර හැඩැති විය යුතුය. ඉන් අදහස් වන්නේ ඡායාරූපයේ උස හා පළල එකක්ම විය යුතු බවයි. ඔබගේ ඡායාරූපය සඳහා අවම මාන විය යුත්තේ පික්සල් 600 X පික්සල් 600 (උස X පළල) යි. උපරිම මාන විය යුත්තේ පික්සල් 1200 X පික්සල් 1200 (උස X පළල) යි.
සාර්ථක ඡායාරූපයක් සඳහා පියවර 7 ක්
සිරස දිශානතිය
ඔබගේ වීසා බලපත්‍ර ඡායාරූපය ගැනීමේදී සිරස දිශානතිය වැදගත් වේ. ඡායාරූපය ඇතුලත ඔබව හොඳින් ව්‍යුහගත කරන්න, එවිට ඔබගේ සම්පූර්ණ මුහුණ පෙන්වනු ලබයි. කෙළින්ම කැමරාව දෙසට මුහුණ යොමන්න, සහ ඔබේ ඇස් විවෘතව පවතින බවට නිසැක වන්න.
රාමුව පුරවන්න
ඔබගේ ඡායාරූපයෙන් ඔබේ සම්පූර්ණ හිස, ඔබේ හිස් මුදුනේ සිට නිකටේ පතුල දක්වා, පෙන්විය යුතුය. හොඳ ඡායාරූපයක, ඔබේ හිසේ උස අඟල් 1-1.3/8 (මිමී 25 සිට 35 දක්වා) ක් මිනුම් වනු ඇත, නැතිනම් ඡායාරූපයෙන් 50% - 70% ක් පුරවා ලනු ඇත, මේ අයුරිනි:
මධ්‍යගතව සිටින්න
රාමුව ඇතුලත ඔබේ හිස මධ්‍යගත කරන්න.
ඔබේ ඇස් පෙන්වන්න
ඔබේ ඇස් විවෘතව පවතින බවට නිසැක වන්න. ඡායාරූපයේ පතුලේ සිට පටන්ගෙන ඉහළට යද්දී ඔබේ ඇස් පිහිටිය යුත්තේ 2/3 මට්ටමේය, හෝ අඟල් 1.1/8 සිට 1.3/8 (මිමී 28 සිට 35 දක්වා) අතර - 60% ක් පමණ ප්‍රමාණයේය.
පසුබිම
ඡායාරූපයේ ඔබට පසුපසින් වන කොටස හිස්ව හා ශෝභමානව දිස්විය යුතු අතර සුදු හෝ මඳ අඳුරු සුදු පැහැයක් ගත යුතුය. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා තනි සුදු හෝ මඳ අඳුරු සුදු පැහැ පසුබිමක් ඉදිරිපිට හිඳ ඡායාරූපය ගන්න.
සෙවනැලි ඉවත් කරන්න
හිඳගන්න, එවිට ඔබේ මුහුණ මුළුමනින්ම ආලෝකවත් වන අතර ප්‍රතිකර්ෂණීය සෙවනැලි කිසිත් ඔබේ මුහුණ හරහා හෝ පසුබිමෙහි නොවේවි.
ඉහිල්වන්න සහ ස්වභාවික අයුරින් පෙනී සිටින්න
ඔබ ඡායාරූපය ගන්නා අවස්ථාවේදී ඔබේ මුහුණ මත ස්වභාවික ප්‍රකාශනයක් පවතින බවට සැක හැර ගන්න, මේ ආකාරයෙන්:
දිනපතා ආගමික අරමුණක් සඳහා පළඳින්නේ නම් මිස, හිසකේ හෝ හිසකේ ඉම විශද කරන තොප්පියක් හෝ සිරස් ආවරණයක් පැළඳීමෙන් වළකින්න. ඔබේ මුළු මුහුණම දැකිය හැකි විය යුතු අතර, සිරස් ආවරණය ඔබේ මුහුණ මත කිසියම් සෙවනැල්ලක් පතිත නොකළ යුතුය.
ඇඟිලි සලකුණු තැබීම
වීසා බලපත්‍ර සම්මුඛ පරීක්ෂණයේ කොටසක් වශයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලය මගින් වීසා බලපත්‍ර අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගනු ඇත. වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය අතරතුරදී, සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයේදී, තීන්තාලේපන රහිත, ක්ෂණික පරිලෝකන ඩිජිටල් ඇඟිලි සලකුණු ගැනීමක් කෙරෙනු ඇත.
- A-3 සහ G-5 අයදුම්කරුවන් හැර, නිල රාජ්‍ය කටයුතු මත සංචාරය කරන අයදුම්කරුවන්
- වයස 14 ට අඩු හා වයස 79 ට වැඩි අයදුම්කරුවන්; ඇතුළුව සමහර අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු අවශ්‍ය නොකෙරේ.
වැඩිමනත් තොරතුරු
වීසා බලපත්‍ර අයදුම්පත්‍ර ඡායාරූප පිරිවිතර පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා, රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය කරා පිවිසෙන්න.
මෙහි රාජ්‍ය දෙපාර්තමේන්තු ඡායාරූප පිළිබඳ නිති අසන ප්‍රශ්න මාලාවක් ඇත.