කඩිනම් හමුවීමක් සඳහා අයදුම් කරන්න
මෙම පිටුව මත:
සමාලෝචනය
පහත ලැයිස්තුගත උපමානයන්ගෙන් එකක් අනුව කළින් නොදකින සංචාර අවශ්‍යතාවක් ඔබට ඇත්නම්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පවතින හැකියාවන් මත යැපෙමින් කඩිනම් හමුවීමක් සඳහා ඔබ සුදුසුකම් ලබනු විය හැකිය. අයදුම්කරුවන් උදෙසා කඩිනම් හමුවීමේ ඉල්ලීම එක් වරක් ඉල්ලුම් කල හැකි අතර, අයදුම් කිරීමට පෙර ඔබට සුදුසුකම් තිබේ දැයි තීරණය කර අයදුම් කරන්න.
සුදුසුකම්
ඔබ කඩිනම් හමුවීමක් සඳහා අයදුම් කිරීමට පෙරාතුව, පළමුවෙන් ඔබ විසින් නිත්‍ය හමුවීම් උපලේඛනගත කිරීමේ පරිපාටියට අනුව හමුවීමක් උපලේඛනගත කරවා ගත යුතු අතර ඔබගේ හදිසිය ඔප්පු කිරීම සඳහා ලිඛිත සාත්ෂි ඔබ අතේ තිබෙන බවට සහතික විය යුතු ද වේ. විද්‍යුත් මාර්ගගතව මූලික හමුවීමක් උපලේඛනගත කර ඇත්නම් මිස හදිසි හමුවීම් සඳහා වන ඉල්ලීම් සලකා නොබැලෙනු ඇත. ඔබ විසින් ඔබගේ හදිසි සංචාරයට හේතු සාවද්‍ය නියෝජනය කර ඇති බව වීසා බලපත්‍ර සම්මුඛ පරීක්ෂණයේදී පෙනී ගිය හොත් එවැනි සාධක ඔබගේ කාරණ ගොනුවේ ලේඛනගත කෙරෙනු ඇති අතර ඔබගේ වීසා බලපත්‍ර අයදුම් පතේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අහිතකර ලෙස බලපෑමක් ඇති කරනු විය හැකිය. කඩිනම් හමුවීමක් ඉල්ලා සිටින සියලුම අයදුම්කරුවන් පළමුවෙන් නිත්‍ය වීසා බලපත්‍ර හමුවීමක් සඳහා වීසා බලපත්‍ර ගාස්තු ගෙවිම අවශ්‍ය වේ. කඩිනම් හමුවීමක ප්‍රදානය ලැබ සිටින අයදුම්කරුවන් නමුත් පසුව එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී වීසා බලපත්‍ර නිකුතුව ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති විට, එම සංචාර අරමුණ වෙනුවෙන්ම තවත් කඩිනම් හමුවීමක් ලබා ගැනීමට මෙම විකල්පය උපයෝජනය කිරීමේ ලා ඉඩ නොලබනු ඇත.
සටහන: විවාහ මංගල්‍යය, උපාධි ප්‍රදාන අවස්ථා ආදියට සහභාගි වීම, ගර්භණී ව පසුවන ඥාතීන්ට සහාය වීම, වාර්ෂික ව්‍යාපාරික/අධ්‍යාපනික/වෘත්තීය සම්මේලනයකට සහභාගී වීම, හෝ අවසාන මිනිත්තුවේ සංචාර අත්දැකීම් ආදී අරමුණු වෙනුවෙන් වන සංචාර කඩිනම් හමුවීම් සඳහා සුදුසුකම් නොලබයි. එවැනි සංචාර වෙනුවෙන්, කරුණාකර කල් වේලා ඇතිව නිත්‍ය වීසා බලපත්‍ර හමුවීමක් උපලේඛනගත කරවා ගන්න.
සාමාන්‍යයෙන්, පහත සඳහන් කාණ්ඩ යටත ගැනෙන ඉල්ලීම් පමණක් හදිසි හමුවීම් සඳහා සලකා බැලෙනු ඇත:
- බරපතල ලෙස රෝගාතුර ඥාතියකු හමුවීමට හෝ සහායට හෝ පවුලේ හදිසියකදී සහාය සඳහා සංචාරයේ නිරත වන ආසන්නතම පවුලේ සාමාජිකයන්ගේ මානව සුබසාධන ඉල්ලීම්.
- එක්සත් ජනපද සමාගමක ලිඛිත ඉල්ලීම මත විශේෂිත රැස්වීමකට සහභාගි වන ව්‍යාපාරික සංචාරකයන් සාමාන්‍ය අරමුණක් සඳහා සංචාරය නොකරන හෝ රැස්වීම් සහ විනෝදාස්වාද අරමුණු සම්මිශ්‍රණයක් සඳහා නොවන සංචාරයක් වන විටදී.
වෛද්‍යමය අවශ්‍යතා
සංචාරයේ අරමුණ හදිසි වෛද්‍ය රැකවරණය ලබා ගැනීමට, හෝ හදිසි වෛද්‍ය රැකවරණය අපේක්ෂා කරන ඥාතියකු හෝ සේවා යෝජකයා සමග සිටීමට වන විටදී.
අත්‍යවශ්‍ය ලේඛන:
- වෛද්‍යමය තත්ත්වය සහ ඔබ එක්සත් ජනපදයේ වෛද්‍ය රැකවරණය සොයන්නේ මන්ද යන්න විස්තර කරන ඔබගේ වෛද්‍යවරයාගෙන් ලබා ගත් ලිපියක්.
- ඔවුන් මෙම කාරණයේ ලා ප්‍රතිකාර කිරීමට සූදානම් බව සහ ප්‍රතිකාරයේ ආසන්නතම පිරිවැය සපයන එක්සත් ජනපදයේ වෛද්‍යවරයෙකුගෙන් හෝ රෝහලකින් වන ලිපියක්.
- ඔබ ප්‍රතිකාර ගාස්තුව ගෙවන ආකාරය පිලිබඳ සාක්ෂි.
අවමඟුල් උත්සවය/මරණය
සංචාරයේ අරමුණ එක්සත් ජනපදයේ දී ආසන්නතම පවුලේ සාමාජිකයෙකුගේ (මව, පියා, සහෝදරයා, සහෝදරිය, දරුවා) අවමඟුල් උත්සවයට සහභාගි වීම හෝ දේහය සියරට යැවීමට අවශ්‍ය කටයුතු පිළියෙල කිරීම වන විට දී.
අත්‍යවශ්‍ය ලේඛන:
- සම්බන්ධතා තොරතුරු, මියගිය පුද්ගලයාගේ විස්තර, සහ අවමඟුල් දිනය ප්‍රකාශ කෙරෙන අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙකු වෙතින් වන ලිපියක්.
- මියගිය පුද්ගලයා ඔබගේ ආසන්නතම ඥාතියකු බවට ඔබ විසින් සාක්ෂි ඉදිරිපත් කළ යුතු ද වේ.
හදිසි ව්‍යාපාරික සංචාර
සංචාරයේ අරමුණ සංචාර අවශ්‍යතාව කල් තියා පෙරැයීමට නොහැකි අවස්ථාවකදී හදිසි ව්‍යාපාරික කාරණයකට සහභාගි වීම පිණිස වන විටදී.
අත්‍යවශ්‍ය ලේඛන:
- සැලසුම්ගත සංචාරයේ හදිසිය සහතික කරන, ව්‍යාපාරයේ ස්වභාවය විස්තර කරන සහ කඩිනම් හමුවීම ලද නොහැකි වුවහොත් එක්සත් ජනපද හෝ දේශීය සමාගම සැලකිය යුතු මට්ටමේ අලාභයක් විඳිමට ඉඩ ඇතිය යන ස්වභාවය විස්තර කරන අදාළ සමාගම වෙතින් වන ආරාධනා ලිපියක්.
හෝ
- දේශීය සේවායෝජකයා සහ පුහුණුව සපයන එක්සත් ජනපද සමාගම වෙතින් වන ලිපි ඇතුලත්, මාස තුනක් හෝ ඊට අඩුකාලයක් සඳහා වන පුහුණු වැඩ සටහනේ එක්සත් ජනපදය තුළ දී කෙරෙන අවශ්‍ය පුහුණු වැඩ සටහන පිළිබඳ සාක්ෂි. ලිපි දෙකින්ම පුහුණුව පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඇතුලත් විය යුතු අතර සහ කඩිනම් හමුවීම ලද නොහැකි වුවහොත් එක්සත් ජනපද හෝ දේශීය සමාගම සැලකිය යුතු මට්ටමේ අලාභයක් විඳිමට ඉඩ ඇතිය යන ස්වභාවය විස්තර කරන එකක් විය යුතුය.
ESTA ප්‍රතික්ෂේපයි
ඔබ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩසටහනට සහභාගී වන පුරවැසියෙකු නමුත් ඔබ තවදුරටත් එම වැඩසටහන යටතේ එක්සත් ජනපදයට සංචාරය කිරීමට සුදුසුකම් නොලබන බවට දන්වා ඇති නම්, ඔබට කඩිනම් වීසාපත් ඉල්ලා සිටිය හැකිය. ඉරාකය, ඉරානය, සුඩානය හෝ සිරියාවේ ද්විත්ව ජාතිකයන් හෝ 2011, මාර්තු 1 න් පසු ඉරාකය, ඉරානය, සුඩානය, සිරියාව, ලිබියාව, යේමනය හෝ සොමලියවට ගමන් කර ඇති අය එවැනි සංචාරකයන් වේ. කඩිනම් හමුවීමක් සදහා සුදුසුකම් ලැබීමට ඔබේ ගමන ආසන්න විය යුතුයි. කරුණාකර ඔබගේ ඉල්ලීමෙහි ඔබගේ සංචාරක දිනය සහ සංචාරක අරමුණු ඇතුලත් කරන්න.
අත්‍යවශ්‍ය ලියකියවිලි:
.ඔබගේ ESTA තත්වය සම්බන්ධයෙන් ඔබට එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ පණිවිඩ පිටපතක්.
කඩිනම් හමුවීමක් සඳහා අයදුම් කිරීම
1 වන පියවර
සංක්‍රමණ නොවන විද්‍යුත් වීසා බලපත්‍ර අයදුම් පත්‍ර (DS-160) ආකෘතිය සම්පූර්ණ කරන්න.
2 වන පියවර
වීසා බලපත්‍ර අයදුම් පත්‍ර ගාස්තුව ගෙවන්න.
3 වන පියවර
කළින්ම එළඹෙන ලද හැකි දිනයේදී වැටෙන පරිදි විද්‍යුත් මාර්ගගතව හමුවීමක් උපලේඛනගත කරවා ගන්න. ඔබට කඩිනම් දිනයක් සඳහා ඉල්ලුම් කිරීම හැකිවීමට පෙරාතුව ඔබ හමුවීමක් උපලේඛනගත කරවා ගත යුතු බව කරුණාකර සටහන් කරගන්න. ඔබ හමුවීමක් උපලේඛනගත කරන අවස්ථාවේදී, කඩිනම් හමුවීම් ඇතුලත් කළින්ම එළඹෙන ලද හැකි හමුවීම් දිනය දැක්වෙන තිරය මත පණිවුඩයක් ඔබට දකින්නට ලැබෙනු ඇත. ඒ අනුව, වඩාත් කළින් එළඹෙන ලද හැකි දින නොපවතින බැවින් කඩිනම් හමුවීමක් ඉල්ලීමට අවශ්‍ය නොකරන බව ඔබ සොයා ගන්නවා ඇත.
ඔබ කඩිනම් හමුවීමක් ඉල්ලමින් කටයුතු කරගෙන යාමට අපේක්ෂා කරන්නේ නම්, අනතුරුව කඩිනම් ඉල්ලීම් ආකෘතිය ඉංග්‍රීසියෙන් සම්පූර්ණ කරන්න, නැතිනම් සහාය ඉල්ලා සිටීමට ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධවන්න. කරුණාකර කඩිනම් හමුවීමක් සඳහා ඔබට සුදුසුකම් ලබා දෙන හදිසියේ වර්ගීකරණය සටහන් කර ගැනීමට නිසැක වන්න. කරුණාකර ඔබ ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කළ වහාම, ඊමේල් හරහා ළඟා වනු ඇති එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ ප්‍රතිචාරයක් සඳහා පොරොත්තුවෙන් පසුවන්න.
4 වන පියවර
එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය ඔබගේ ඉල්ලීම අනුමත කරයි නම්, ඉක්බිතිව ඔබගේ කඩිනම් හමුවීම් විද්‍යුත් මාර්ගගතව උපලේඛනගත කරවා ගැනීමට ඔබ සෝදිසිමත් කරවමින් ඊමේල් එකක් ඔබ වෙත ලැබෙනු ඇත. කරුණාකර ඔබ වෙනුවෙන් ඔබගේ කඩිනම් හමුවීම උපලේඛනගත කිරීමට ඇමතුම් මධ්‍යස්ථානයට නොහැකි බව තේරුම් ගන්න, එසේ වුවත් ප්‍රශ්න මතුවන අවස්ථාවලදී ඔබට සහාය දීම නියෝජිතයන්ට හැකි වේ. එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය කඩිනම් හමුවීමක් සඳහා වන ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ යුතුව ඇත්නම්, ප්‍රතික්ෂේපය පිළිබඳව ඊමේල් මගින් ඔබට දැනුම්දීමක් කෙරෙනු ඇති අතර ඔබ විසින් ඔබගේ පවතින හමුවීම එසේම පවත්වා ගත යුතුය.
සටහන: ඔබගේ ඉල්ලීම තහවුරුකරණ හෝ ප්‍රතික්ෂේප කරන ඊමේල් එක no-reply@ustraveldocs.com වෙතින් පැමිණෙනු ඇත. සමහර ඊමේල් යෙදුම්වල හඳුනා නොගත් එවන්නන් පෙරහන් කරන රීති පවතින අතර පණිවුඩ ආයාචිත තැපැල් ගොනුවට හෝ නිසරු තැපැල් ගොනුවට යැවෙනු ඇත. ඔබට ඔබගේ ඊමේල් දැනුම්දීම නොලැබුණේ නම්, කරුණාකර ඔබගේ පණිවුඩය ඔබගේ නිසරු සහ ආයාචිත තැපැල් ගොනුවල බලන්න.
5 වන පියවර
ඔබගේ වීසා බලපත්‍ර සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනයේ නියමිත වේලාවේදී එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ පෙනී සිටින්න. ඔබ ඔබගේ හමුවීම් සිහිපත් කරන ලිපියේ මුද්‍රිත පිටපතක්, ඔබගේ DS-160 ආකෘතියේ තහවුරුකරණ පිටුව, පසුගිය හය මසක කාලයක් ඇතුලත ගන්නා ලද ඡායාරූපයක එක් පිටපතක්, ඔබගේ වර්තමාන සහ පැරණි සියලු විදේශ ගමන් බලපත්‍ර සහ උපයෝගී ලේඛන රැගෙන ඒම අවශ්‍ය වේ. මේ සියලු අයිතම රහිතව වන අයදුම් පත්‍ර පිළිනොගැනෙනු ඇත.