DS-160 ආකෘතියේ තොරතුරු

මෙම පිටුව මත:


සමාලෝචනය

දරුවන්ද ඇතුළුව, එක් එක් අයදුම්කරුවකු තමාගේම DS-160 වීසා බලපත්‍ර අයදුම් කිරීමේ ආකෘතියක් ඇතිව සිටිය යුතු වේ. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයට පළමුවෙන් DS-160 ආකෘතිය විද්‍යුත් මාර්ගගතව සම්පූර්ණ කිරීම සහ ඉදිරිපත් කිරීම කළ යුතුය. ඔබගේ සම්මුඛ පරීක්ෂණය වෙන්කිරීම පිණිස DS-160 ආකෘතියේ තහවුරුකරණ පිටුවේ තීරුකේතය අවශ්‍ය කෙරේ. DS-160 ආකෘතිය විද්‍යුත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය. එත්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය අත් අකුරින් ලියූ හෝ යතුරු ලියනය කළ අයදුම්පත්‍ර පිලිනොගන්නා අතර DS-160 ආකෘතියේ තහවුරුකරණ පිටුව නොමැතිව ඔබගේ සම්මුඛ පරීක්ෂණයට පෙනීසිටීම සඳහා ඔබට අවසර නොලැබෙනු ඇත.

ඔබ විද්‍යුත් ක්‍රමයට ඔබගේ DS-160 අත්සන් කරන විට, එහි අඩංගු වන සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවට ඔබ සහතික කරන්නෙහිය. කිසියම් සාධකයක් සාවද්‍ය නියෝජනය එක්සත් ජනපදයට ඇතුළු වීමේදී ඔබ නුසුදුසු බවට පත් කරයි. කරුණාකර ඔබගේ තොරතුරු නිරවද්‍ය බවට දෙවරක් පරීක්ෂා කරන්න, සහ සෑම ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන් පිළිතුරු සපයා ඇති බවට පරීක්ෂා කරන්න.

සටහන: DS-160 සම්පූර්ණ කිරීම පිළිබඳ ඕනෑම විමසුමක් පහත සඳහන් වෙබ් අඩවිය මත ආමන්ත්‍රණය කළ හැකිය. මෙම ක්‍රියාවලිය ඔස්සේ කවර හෝ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම හෝ මාර්ගෝපදේශන සැපයීම අපට කළ නොහැකි වේ.

DS-160 ආකෘතිය සම්පූර්ණ කිරීම සඳහා මෙහෙයුම් නිර්ණායක

සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමෙන් පසුව ඔබගේ DS-160 ආකෘතිය සම්පූර්ණ කර ඉදිරිපත් කරන්න. එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී හෝ කොන්සියුලර් කාර්යාලයේදී සම්මුඛ පරීක්ෂණයක් සඳහා හමුවීමක් වෙන්කිරීමට පළමුවෙන් ඔබ විසින් විද්‍යුත් මාර්ගගතව ඔබගේ DS-160 අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතු වේ.

  • DS-160 ආකෘතිය ආරම්භයේදී ඔබ තෝරාගන්නා තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය ඔබ ඔබගේ සම්මුඛ පරීක්ෂණ හමුවීම උපලේඛනගත කරවා ගන්නා තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලයම විය යුතුය.
  • ඉංග්‍රීසි භාෂා අනුලකුණු පමණක් භාවිත කරමින් සියලුම ප්‍රශ්නවලට ඉංග්‍රීසියෙන් පිළිතුරු සපයා තිබිය යුතු අතර ඔබගේ උපන් රටේ මව් භාෂාවෙන් සම්පූර්ණ නම සැපයීමට විමසා සිටින අවස්ථාව එකම ව්‍යතිරේකය වනු ඇත.
  • DS-160 ක්‍රියාවලියේ කොටසක් වශයෙන් ඔබ පසුගිය මාස හය ඇතුලත ගන්නා ලද ඡායාරූපයක් නගුගත කිරීමට අවශ්‍ය වේ. ගුණාත්මක තත්ත්වයේ ඡායාරූපයක් ගැනීමේ සහ ඉදිරිපත් කිරීමේ මෙහෙයුම් නිර්ණායක එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මත මෙහි ඇත.
  • මිනිත්තු 20 කට වැඩි කාලයක් සඳහා ඔබ මෙම අයදුම් පත්‍රය මත වැඩ කිරීම නවතාලන්නේ නම්, ඔබගේ සැසිය කල් ඉකුත් වනු ඇත. ඔබගේ අයදුම්පත්‍ර හැඳුනුම් අංකය වාර්තාගත කරගෙන හෝ ඔබ ඔබගේ අයදුම්පත්‍රය ඔබගේ පරිගණකය මත ගොනුවකට සුරැක ඇත්නම් මිස නැවත ආරම්භ කිරීමට ඔබට සිදු වේ. පිටුවේ මුදුනේ දකුණු අත්පස කොනේ ප්‍රදර්ශනය වන අයදුම්පත්‍ර හැඳුනුම ලියා තබාගන්න. අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීමට පෙරාතුවෙන් වෙබ් පිරික්සනය වැසීමට ඔබට අවශ්‍ය වන්නේ නම්, ඔබගේ අයදුම්පත්‍රයේ වැඩ නැවත පටන් ගැනීමට ඔබට මෙම අයදුම්පත්‍ර හැඳුනුම අවශ්‍ය වනු ඇත.
  • සම්පූර්ණ කරන ලද DS-160 ආකෘතියේ අයදුම්පත්‍ර ආකෘතිය අක්ෂරාංකික තීරුකේතයක් සහිත තහවුරුකරණ පිටුවක් ජනනය කරනු ඇත. මෙම පිටුව මුද්‍රණය කරගන්න. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ දී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා මුද්‍රිත තහවුරුකරණ පිටුව අවශ්‍ය වේ.
  • ඔබ තීරුකේත තහවුරුකරණ පිටුව මුද්‍රණය කරගත් විගස, ඔබගේ වෙබ් පිරික්සනයේ “ආපසු“ බොත්තම ඔබා ඉක්බිතිව DS-160 ආකෘතියේ උපස්ථිත පිටපතක් ඔබටම ඊමේල් කරගන්න. ඊමේල් මගින් ලැබෙන ගොනුව PDF ආකෘතියෙන් වනු ඇති අතර එය බැලීමට හෝ මුද්‍රණය කිරීමට Adobe Acrobat අවශ්‍ය වේ.

කරුණාකර සටහන් කර ගන්න : ඔබගේ DS160 අයදුම්පත සම්පූර්ණ කරන අවස්ථාවේදී , ඔබ ඔබේ අයදුම්පතට ඇතුළත් කරන ගමන් බලපත්‍ර අංකය ඔබගේ සම්මුඛ පරීක්ෂණයට ගෙන එන විදේශ ගමන් බලපත්‍රය සමඟ ගැලපිය යුතුයි.ඔබ DS160 සම්පූර්ණ කිරීමෙන් පසු නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගන්නේ නම්, ඔබ නව DS160 අයදුම්පතක් සම්පූර්ණ කර,සම්මුඛ පරීක්ෂණයට එය ගෙන ඒමට සිදු වනු ඇත.

වැඩිමනත් තොරතුරු

DS-160 සම්පූර්ණ කිරීම පිළිබඳ ඕනෑම විමසුමක් පහත සඳහන් වෙබ් අඩවිය මත ආමන්ත්‍රණය කළ හැකි වනු ඇත. මෙම ක්‍රියාවලිය මත දී කවර හෝ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම හෝ මාර්ගෝපදේශනය සැපයීම අපට කළ නොහැකිය.

DS-160 ආකෘතිය විද්‍යුත් මාර්ගගතව මෙහි දී ලද හැකිය.