මගේ හමුවීම උපලේඛනගත කරන්න
මෙම පිටුව මත:
සමාලෝචනය
සාමාන්‍යයෙන්, එක්සත් ජනපදයට ඇතුල් වීමට අපේක්ෂා කරන විදේශ රටක පුරවැසියෙකු වීසා බලපත්‍රයක් ලබා ගත යුතුය, එය තාවකාලික රැඳී සිටීමක් සඳහා වන සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් හෝ ස්ථිර නේවාසිකභාවය සඳහා වන සංක්‍රමණ වීසා බලපත්‍රයක් හෝ විය හැකිය. සුදුසුකම් ලත් රටවල පුරවැසියන්ට වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ වීසා බලපත්‍රයක් නොමැතිව එක්සත් ජනපදයට පිවිසීමට ද හැකිය. ඔබ ළුිසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ සුදුසුකම් නොලබන්නේ නම්, හෝ අධ්‍යයනය කිරීමට, රැකියා කිරීමට හෝ හුවමාරු වැඩ සටහනකට සහභාගි වීමට සංචාරය කරන්නේ නම්, ඔබ සංක්‍රමණ නොවන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතුය.
එක්සත් ජනපද වීසා බලපත්‍ර සඳහා අයදුම්කරුවන් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ වීසා බලපත්‍ර සම්මුඛ පරීක්ෂණයක් සඳහා පෞද්ගලිකවම පෙනී සිටීම අවශ්‍ය වේ. එම සම්මූඛ පරීක්ෂණය සඳහා ඔබ හමුවීමක් උපලේඛනගත කරවා ගත යුතු අතර එක්කෝ මෙම වෙබ් අඩවිය භාවිත කරමින් විද්‍යුත් මාර්ගගතව හෝ ඇමතුම් මධ්‍යස්ථානය මාර්ගයෙන් එය කළ හැකිය.
උපයෝගී ලේඛන
සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර හමුවීමක් උපලේඛනගත කරවා ගැනීමට, ඔබ සතුව ලද හැකියාවෙන් පහත තොරතුරු සහ ලේඛන තිබිය යුතුය:
- එක්සත් ජනපදයේ රැඳී සිටීමට අදහස් කරන කාල පරිච්ඡේදයට ඔබ්බෙන් වන හය මසක කාලයක් සහිත වලංගු දිනයක් සමග එක්සත් ජනපදයට පිවිසීමට වලංගු විදේශ ගමන් බලපත්‍රයක් (දේශානුගතව විශේෂිත ගිවිසුම් මගින් නිදහස් කිරීම් සපයන්නේ නම් මිස). ඔබගේ විදේශ ගමන් බලපත්‍රයෙහි එක් පුද්ගලයෙකුට වඩා වැඩි ගණනක් ඇතුලත් සිටින්නේ නම්, වීසා බලපත්‍ර අපේක්ෂා කරන එක් එක් පුද්ගලයා විසින් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය;
- ඔබගේ වීසා බලපත්‍ර අයදුම්පත්‍රය (MRV) ගාස්තු ගෙවීමේ කුවිතාන්සිය; මාලදිවයිනේ පදිංචිකරුවන්ට හමුවීමක් උපලේඛනගත කිරීම සඳහා මෙම කුවිතාන්සිය අවශ්‍ය නොවන අතර ශ්‍රී ලංකාවේ බැංකු කෙටුම්පතකින් අයකර ගන්නා ලද " UNITED STATES DISBURSING OFFICER, SYMBOL 8768" ලබන බැංකු කෙටුම්පත මගින් ඔවුන්ගේ ගාස්තු ගෙවිය හැකිය.
- ඔබගේ DS-160 තහවුරුකරණ පිටුව;
- ඔබගේ ඊමේල් ලිපිනය; සහ
- අදාළ වන්නේ නම්, වීසා බලපත්‍ර පන්තිය මත පදනම්ව අවශ්‍ය කරන ලේඛන; (පෙත්සම් පදනම් කරගත් වීසා බලපත්‍ර සඳහා පෙත්සම් අනුමැතිය වැනි; වීසා බලපත්‍ර වර්ග සහ එක එකක් පිළිබඳ වැඩිමනත් තොරතුරු මෙහි දී සොයාගත හැකිය).
හමුවීම් වෙනස් කිරීමට සීමා කිරීම්
ඔවුන්ගේ හමුවීම් නැවත උපලේඛනගත කිරීමට හැකි වාර ගණන අයදුම්කරුවන් කෙරේ සීමා කරනු ලැබේ. කරුණාකර ඒ අනුව සැලසුම් කරන්න, එවිට ඔබ තවත් වීසා අයදුම්පත්‍ර ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවේ.